කැළණි රජමහා විහාරය

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත. අතිතයේදි මේ ප්‍රදේශයේ නාග ගෝත්‍රිකයන් ජිවත් වි ඇති අතර බුදුන් වහන්සේහේ දෙවන ලංකා ගම‍න වන නාගදිපයට වැඩම කල අවස්ථාවේ කැළණිය පාලනය කල මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයකට අනුව බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා කැළණියට බුදුරජුන් වැඩමවු බව සදහන් වේ. චුලෝදර මහෝදර දෙබෑයන් මැණික් පුටුවක් සදහා වු අරගලය සමතයකට පත් කිරිමට ‍කැළණියට සැපත්වු බුදුරජානන් වහන්සේ මැණික් අසුනේ වැඩ සිට ධර්මය දේශනා කර ඇති බවද, පසුව එම ධර්මය දේශනා කල ස්ථානය සිහිවිම පිණිස එම මැණික් පුටුව තැන්පත් කර කැළණිය දාගැබ ඉදිකළ බව ඉතිහාසයේ සදහන්ය. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවටද සාක්ෂි වේ. මෙම ගමනේදි බුදුරජානන් වහන්සේ කල්‍යාණි නදියේ ජලය ස්නානය කොට චිවරය තැන්පත් කළ ස්ථානයේ සාදා ඇති දාගැබ සිවුරු දාගැබ ලෙස වර්තමාණයේ හැදින්වේ. එහි බුදු සිවුර තැන්පත් කර ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති.

ක්‍රි.ව. 164-192 කාලයේ සිටි කනිෂ්ක තිස්ස රාජ්‍ය යුගයේ කැළණියේ වැඩ විසු භික්ෂුන් වහන්සේලාට විනය කර්ම සදහා පොහොය ගෙයක් කරවා ඇත. ක්‍රි.ව. 214-236 කාලයේදි වෝහාර තිස්ස රජු විසින් චෛත්‍යයට වස්ත්‍ර පුජාවක් කළ බවද, ක්‍රි.ව. 1250-1285 කලයේදි දඹදෙණියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් පසු මහල් ප්‍රාසාදයක් කොට ඔත්පිළිම ගෙය සහ තිවංක පිළිම ගෙය පිළිසකර කරනු ලැබු බව සදහන් වේ. කෝට්ටේ රාජධානිය කරගත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලන සමයේදි දේශිය වශයෙන් මෙන්ම බුරුමය වැනි විදේශිය රාජ්‍යවලද කැළණිය ප්‍රචලිත වන්නට වු අතර ආගමික සබදතා වැඩි දියුණු විය. කළ්‍යාණි ලිපි නමින් ඵලකය ප්‍රතිෂ්ඨාපනය කළේ එදවසය. තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත. තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත. 





0 comments:

Post a Comment