අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද මේඝගිරි විහාරය පසුව ඉසුරුමුණි විහාරය ලෙස ප්‍රසිද්ධව ඇත. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට එම නම නිර්මාණය කර ඇත. මෙම විහාරය දක්ඛිණ ථුපයටත් රන්මසු උයනේ නැගෙනහිර දොරටුවටත් අතර තිසාවැව අයිනේ පිහිටා ඇත. මෙහි එක් ගල් පර්වතයක වර්ෂාවට අධිපති පර්ජන්‍යගේ රූපය තිබෙන නිසා මෙයට මේඝගිරි විහාර යන නම වඩාත් උචිතය. ඉසුරු කුලයෙන් පැවැදි වු අරිට්ඨ ප්‍රධාන පන්සියක් දෙනා මෙහි විසු බැවින් ඉස්සරසමණාරාම (ඉසුරුමුණි) ලෙසද ප්‍රසිද්ධ විය.
ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් මෙහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ. දොරටුවේ මකර තොරණ ඇතුළේ ඇති ප්‍රතිමා වලට වඩා පැරණි බව පෙනේ. මෙම විහාරයට පිවිසෙන දොරටුවේ යටම ඇති සදකඩ පහණ, මුරගල් හා කොරවක් ගල් කැටයම් සහිතය. පොකුණක සිට මතුවන ආකාරයක් නිරූපණය වන ඇත් රූප කොරවක් ගල් දෙපැත්තේ නෙලා ඇත. විහාරයට දකුණින් පොකුණ පැත්තේ ඉහළ අශ්ව හෝ ගව හිසක් හා මිනිස් රුවක් වෙයි. එය අග්නිගේ හා පර්ජන්‍යගේ යයි මහාචාර්‍ර්‍ය පරණවිතාන මහතා කියයි. ගල් පුවරුවක නෙලන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම වෙනත් තැනක නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත.
-
ඉසුරුමුණි පෙම්යුවළ
6 වන සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමක් වන අතර දැනට මෙය ඉසුරුමුණියේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටුගැමුණුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැක. එය ශිව හා පාර්වති විය හැකි බව තවත් අයගේ මතයයි. තවද මඤ්ජුශ්‍රි බෝධිසත්වයන්ගේ වේශයක් වන ස්ථිර චක්‍ර බවටද මතයක් තිබේ. අන්තිමට සදහන් මතය නිවැරදි දේ ගත හැකිය.
මෙම කැටයම බොහෝ දුරට ඉන්දුනීසියානු විශේෂයෙන් ජාවා මුර්ති සමග සැසදිය හැකිය. ශ්‍රි ලංකාවේ කඩුව පළදින්නේ ඉණේ වුවද මෙහි කඩුව පැළද සිටින්නේ උර හිසට පිටුපසය. කඩුව පැළදසිටිමේ ඉරියව්ව සහ එය වටා ඇති රැස් වළල්ල නිසා මේ කැටයම මඤ්ජු ශ්‍රි බෝධිසත්වයන්ගේ ලෙස හැදිනගෙන ඇත. කඩුවෙන් ප්‍රඥාවද රැස් වළල්ලෙන් ප්‍රඥා ආලෝකයද සංකේතවත් කරයි. ප්‍රඥාවට අධිපති මඤ්ජු ශ්‍රි බෝධිසත්වයෝ ප්‍රඥාව නැමැති කඩුවෙන් අවිද්‍යාව නමැති අදුර දුරු කරති.
කලාත්මක අතින්ද භාව ප්‍රකාශනය අතින්ද ඉතා වැදගත් කැටයමක් වන මෙය ඉන්දුනිසියාවෙන් පැමිණි ගල් කැටයම් කරුවෙකුගේ නිර්මාණයක් විය හැකිය.
-
ඉසුරුමුණි රජ පවුල
ඉසුරුමුණි විහාරයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති මෙම කැටයමෙහිද ඉන්නිසියානු ලක්ෂණ දක්නට ලැබේ. ප්‍රධාන රූපයයේ පා තබාගෙන සිටින ආකාරය බොරෝබුදුර්වල සමහර කැටයම්වල දක්නට ලැබේ. ඔහුගේ ඔටුන්න දේව ඔටුන්නකි. එනිසාම එය දෙව්ලොව වෙසෙන බෝධිසත්වයෙකුගේ හා ඔහුගේ භාර්‍ය්‍යාව ඇතුඑ පිරිවරගේ කැටයම සේ ගත හැකිය.
-
කින්නර කැටයම
මිනිස් ශරිරය හා කුරුඑ පා ඇති තිදෙනෙකුගේ කැටයමක්ද ඉසුරුමුනියේ කෞතුකාගාරයේ ඇති අතර මුලදි ඒවා කිසියම් ගොඩනැගිල්ලක් සැරසිමට යොදා ගෙන තිබි පසුව ඉසුරුමුණියට ගෙනෙන ලදැයි කිවහැකිය.
-
අග්නි හා පර්ජන්‍ය
ගල් පර්වතය හාරා තනා ඇති සත්ව හිසක් සහ මිනිස් රුවක් සහිත කැටයම අග්නි හා පර්ජන්‍යගේ ලෙස හදුනාගෙන ඇත. මෙහි සත්ව හිස අශ්වයෙකුගේ ලෙස ගෙන එයින් අග්නි සංකේතවත් වන බව කියනු ලැබේ. වර්ෂාවට අධිපති දෙවියා ලෙස සැලකෙන පර්ජන්‍ය මිනිස් රුවෙන් අදහස් කරනු ලැබේ.
0 comments:
Post a Comment